වෛද්‍ය සිසුන්‌ගේ පා ගමනට පොලිසියෙන් ජල-කදුළු ගෑස් ප්‍රහාර


(ඉන්දිකා  රාමනායක)

ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි  කමිටුව විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක්  කොළඹ 07 ග්‍රීන්පාත් හිදී පොලිසිය  ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර අද (27) පස්වරුවේ  විසිරුවා හැරියහ.

පෞද්ගලික විශ්ව විද්‍යාල  විවෘත කිරීමට  එරෙහිව,  සරගමවුව, මොරටුව හා වයඹ යන  වෛද්‍ය පීඨවල ගැටළු විසදන ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන මෙම විරෝධතාව සංවිධනය කර තිබුණි.

 සිසුන් මුලින්ම කොටුව දුම්රිය ස්ථානයට ඉදිරිපිට විරෝධතාව පැවැත්වීමට සුදානම් කර තිබු අතර , පසුව එය වෙනස් කර  ග්‍රීන් පාත්  සිට පෙළපාලියෙන් කොළඹ කොටුව බලා යාමට  තීරණය කර තිබුණි. 

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)