වෛද්‍ය සාෆි ගැන විමර්ශනයේ අතුරු වාර්තාව හෙට


රංජන් කස්තුරි
 
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන කමිටුවේ මූලික වාර්තාව හෙට (3) සෞඛ්‍ය ලේකම්වරියට බාරදීමට නියමිතය.
 
වෛද්‍ය සාෆිට එරෙහිව ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සය පුද්ගල විමර්ශන කමිටුවක් පත් කළ අතර එහි නිරීක්ෂණ හා නිර්දේශ සහිත මූලික විමර්ශන වාර්තාවක් සතියක් ඇතුළත ලබාදෙන ලෙස නියම කර තිබිණි.