ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 122 වැනි සභාපතිනිය ලෙස විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පත් කර ඇත.
වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය විශාඛා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවකි.
ඇය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සර්වාංග විශේෂඥ වෛද්‍ය ලෙස කටයුතු කළ අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පළමු මහාචාර්ය වරියකි.
වෛද්‍ය විජේසුන්දර මහත්මිය ශ්‍රී ලංකා සර්වාංග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ධුරයද දරුවාය.
එමෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපතිවරුන් ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ කථිකාචාර්ය වෛද්‍ය පණ්ඩුක කරුණානායක මහතා සහ ශ්වශන රෝග විශේෂඥ වෛද්‍ය කීර්ති ගුණසේකර මහතා ද පත් කර තිබේ.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලේකම් ධුරයට පත් කර ඇත.
(36698)