(රංජන් කස්තුරි)
හෙද ඉල්ලීම් ජාතික වැටුප් කොමිසමට යොමුකර ජාතික වැටුප් ප්‍රතිපත්තියමත තීන්දු තීරණ ගත යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එසේ කිරීමට රජය අපොහොසත් වුවහොත් අකමැත්තෙන් හෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කීය.
ජාතික වැටුප් ප්‍රතිපත්තියට පිටුපා අත්තනෝමතික ලෙස සෘජුවම කැබිනට් අනුමැතිය ලබාගැනීමට උත්සහ කිරීම තුළින් මුළු රාජ්‍ය සේවයම අර්බුදයකට ලක්වන බවද ඔහු පැවසීය.
යම් කණ්ඩායමකට වැටුප් ගැටළු ඇත්නම් ඔවුන් යා යුත්තේ ජාතික වැටුප් කොමිසමට බවද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කීය.

