වෛද්‍ය බෙල්ලනගෙන් ප්‍රකාශයක් ගනී


(යොහාන් භාසුර)

කොළඹ ජාතික රෝහලේ සේවකයන් පිරිසක් එම රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කාර්යාල අඩස්සියේ තබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතාගෙන් මරදාන පොලිසිය  ප්‍රකාශයක් සටහන්කර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම රෝහලේ සේවකයින් පිරිසක් පැය 5 කට ආසන්න කාලයක් ඒ මහතා කාර්යාලයේ සිරකරගෙන සිටීමේ සිද්ධිය පිළිබඳව පොලිසිය විමර්ෂණ ක්‍රියාත්මක කර ඇති බවත් ඉදිරියේදී තවත් පුද්ගලයන් රැසකගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවත් එම නිලධාරියා කීය.

මෙම සිද්ධියත් සමඟ සෞඛ්‍ය අමාත්‍යංශයට මාරු කළ රුක්‍ෂාන් බෙල්ලන මහතා එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් තනතුරට පත්කිරීමේ යෝජනාවක් ද ඇති බව වාර්තා වේ.