වෛද්‍ය ආඥා පනත සංශෝධනයට


(අංජුල මහික වීරරත්න)

වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විශේෂඥ වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමට අදාළව පවතින විධිවිධාන සංශෝධනය කිරීම සඳහා 1927 අංක 26 දරණ වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීම පිණිස එවකට සෞඛ්‍ය ඇමැතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව 2023 -8-7 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන නිර්දේශ  නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කෙරිණි.

එම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාවේ සඳහන් නිර්දේශ මත පදනම වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.