වෛද්‍ය අනිල් ජාසිංහට අන්තර්ජාතික තනතුරක්


(නිමල කොඩිතුවක්කු)
 
ආසියානු පැසිපික් රටවල සාමාජිකත්වය දරණ ගෝලීය කාලගුණික වෙනස්වීම් පර්යේෂණ පිළිබඳ ආසියානු පැසිපික් ජාලයේ උප සභාපතිත්වයට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ.
 
මෙම පත්වීම් කරනු ලැබුයේ සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ ආසියා පැසිපික් ජාලයේ අන්තර් රාජ්‍ය රැස්වීම්වාරයේ දීය.
 
ගෝලීය විපර්යාස පර්යේෂණ සඳහා ආසියා- පැසිෆික් ජාලය යනු ගෝලීය විපර්යාසයට අදාළ ප්‍රතිපත්ති- නැඹුරු පර්යේෂණ සහ ධාරිතා වර්ධන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කරන අන්තර් රාජ්‍ය ජාලයකි.
 
ශ්‍රී ලංකාව ඇතුළු සාමාජික රටවල් 22 කින් එය සමන්විත වේ. ආසියා පැසිපික් ජාලය හට එක්සත් ජනපදය, ජපානය, කොරියානු ජනරජය සහ නිව්සීලන්ඩ් රජයන් වෙතින් මූල්‍ය දායකත්වය ලබා දෙන අතර කලාපීය සහයෝගීතාවය  ගෝලීය විපර්යාස පිළිබඳ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම මෙන්ම දිරිගැන්වීම සඳහා විද්‍යාත්මක කරුණු හඳුනා ගැනීම එමගින් සිදුකරනු ලබයි.

වෛද්‍ය අනිල් ජාසිංහ මහතා 2020 වර්ෂයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ උප සභාපතිවරයෙක් වශයෙන් ද කටයුතු කරන ලදී.