වෙළෙඳපොළෙන් පොල්තෙල් සාම්පල් ගනී


( සුජිත් හේවාජුලිගේ)

වෙළෙඳපොළෙන් ලබාගත් පොල් තෙල් සාම්පල සීයකින් අටක් පිළිකාකාරක ඇෆලටොක්සීස් අඩංගුදැයි සොයාගැනීම සඳහා පොල් සංවර්ධන මණ්ඩලයට අද ( 28) බාරදුන් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පොල් සංවර්ධන මණ්ඩලයේ පර්යේෂණ අංශය ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා වාර්තාවක් සතියකදී බාරදෙනු ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් කීය.

පාරිභෝගික කටයුතු අධිකාරියේ එම පොල්තෙල් සාම්පල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලබාගෙන පැවැත්වූ අහඹූ ලෙසය.

මේ අයුරින් දිවයිනේ තවත් ප්‍රදේශවලින් පොල්තෙල් සම්පල ලබාගැනීම ඉදිරියටත් සිදුකෙරන බවත් එම අධිකාරියේ කණ්ඩායම් කිහිපයක් ඒ සඳහා යොදවා ඇති බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.