
(අංජුල මහික වීරරත්න)
වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ජා-ඇල පිහිටි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී විය.
කර්මාන්ත පරිශ්‍රය නිරීක්ෂණයෙන් අනතුරුව වත්මන් සභාපති අමල් අත්තනායක මහතා සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ත්‍රිපෝෂ සමාගමේ වත්මන් තත්ත්වය හඳුන්වා දෙමින් ඉදිරියේදී අපේක්ෂිත ඉලක්ක පිළිබඳව අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක නිරත විය.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කීවේ ඈවර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම රජය බලයට පත් වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නැවත ස්ථාපිත කළ බවයි. පසුගියදා අමාත්‍ය මණ්ඩල සංශෝධනය සමඟ නිකුත් කළ ගැසට් නිවේදනය මඟින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතට පත් කෙරිණි.

