(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම අඩම්පන් පාලවිය ප්‍රදේශයේ වෙළඳසැළක වහලයේ තිබී ඩෙටනේටර් 10 ක් සමඟ මුස්ලිම් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි.
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 54 බලසේනාවට අයත් සෙබලුන් පිරිසක් විසින් අදාල ප්‍රදේශයේ අද (30) කළ සෝදිසි මෙහෙයුමකදී කඩ කාමරයක වහලයේ සඟවා තිබී ඩෙටනේටර් හමු වී ඇත.
පුත්තලම ප්‍රදේශයේ පදිංචි අබ්දුල් හනූජ් නැමති මුස්ලිම් සැකකරු සමඟ එහි සිටි තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර කුඩා වඩුමඩුවක් පවත්වාගෙන ගිය අයෙකුද සිටින අතර ඔහුට අයත් බැංකු පොතක රුපියල් කෝටි 10 ක පමණ මුදලක් තිබී ඇති හෙයින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ඩෙටනේටර් තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා අඩම්පන් පොලීසිය වෙත භාර දුන් බව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

