
(අංජුල මහික වීරරත්න)
වෙසක් සතිය යෙදෙන මැයි 30,31 සහ ජුනි 1 යන දින තුන දිවයින පුරා මස් පිණිස සතුන් මරණ ස්ථාන සහ මස් මාංශ අලෙවි සල් වසා තබන ලෙස රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා අමාත්‍යංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා දැනුම් දෙයි.
සුපිරි වෙළෙඳ සැල් වල මස් මාංශ අලෙවිය නැවතීමටත්,රේස් බුකි,කැසිනෝ ශාලා, සමාජ ශාලා,වසා තැබීමටත් අවශ්‍ය කටයුතු කරන ලෙසද රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරයා දැනුම් දෙයි.
මැයි 27 සිට ජුනි 2 දක්වා වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

