වෙල්ලාලගේ ජැෆ්නා පිලට දෙවැනි ජය ගෙනෙයි


(යොහාන් භාසුර)

යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක දුනිල් වෙල්ලාලගේ (10/4) විශිෂ්ට පන්දු යැවීමක නිරත වීම නිසා මෙවර ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ හත්වැනි තරගය ලෙස අද (4) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී ජැෆ්නා කිංග්ස් පිල කඩුලු 8 කින් ගෝල් ටයිටන්ස් පිල පරාජය කළේය.

ජැෆ්නා පිල ලැබූ දෙවැනි ජයග්‍රහණයත් සමඟ ගෝල් ටයිටන්ස් පිලේ අපරාජිත වාර්තාව බිඳවැටුණි.

ගෝල් ටයිටන්ස් පිල ලකුණු 118 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 12.4 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.

දුනිල් වෙල්ලාලගේ ඕවර හතරේදී ලකුණු 10 ක් පමණක් දෙමින් කඩුලු 4 ක් දවාගැනීමෙන් ගෝල් ටයිටන්ස් ඉනිම බිඳවැටුණි. ගෝල් ටයිටන්ස් පිල ඕවර 20 කදී කඩුලු 9 ට 117 (ෂෙවෝන් ඩැනියල් 25, ලසිත් කෘස්පුල්ලේ 19, ටිම් ශීෆට් 18, දසුන් ශානක 30, දුනිත් වෙල්ලාලගේ 10/4) ජැෆ්නා කිංග්ස් පිල ඕවර 12.4 කදී කඩුලු 2 ට 120 (රහමනුල්ලා ගුර්බාෂ් 54, ටොව්හිඩ් රිඩෝයි නොදැවී 44)