වෙබ් අඩවි ගැන අහන්න විදුලි සංදේශ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් උසාවි කැදවයි


(නිමන්ති රණසිංහ)

බාලවයස්කාර දැරිය අළෙවි කිරීමට යොදා ගත් වෙබ් අඩවිය සහ එවැනි අනර්ථකාරී වෙබ් අඩවි සම්බන්ධයෙන් විදුලි සංදේශ කොමිසම ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කිරීම සඳහා ලබන 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (06) එහි අධ්‍යක්ෂ ජනරාල් ඔෂද ගුණතිලක මහතාට නියෝගයක් නිකුත් කළාය.

විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෝ ඔහුගේ නියෝජිතයකු හෝ සුදුසු නිති නිලධාරියකු එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මෙහිදී එම නියෝගයෙන් තවදුරටත් දක්වා තිබිණී.

අන්තර්ජාලයේ දැන්විම් පළකර ගල්කිස්ස ප්‍රදේශයේ පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (06) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණී.