(ඔගස්ටින් ප්‍රනාන්දු)
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනි හා ඇයගේ සහෝදරිය 16 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මාරවිල අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් තේමියසිරි පෙරේරා මහතා අද (11) නියෝග කළේය.
පොලිස් නිලධාරින් පිරිසකට බැන රාජකාරියට බාධා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරිය හා සහෝදරිය මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. සැකකාරියන් දෙදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ තුන්වැනි වරටය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සිරිගම්පල තුම්මෝදර පදිංචි වර්ණකුලසුරිය දුලක්ෂි චමෝදරි ප්‍රනාන්දු නම් මන්ත්‍රීවරිය සහ ඇගේ සහෝදරිය වන වර්ණකුලසුරිය සුපුනි දුලාංජලි ප්‍රනාන්දු වේ.

