ඉන්දිකා රාමනායක
අවිස්සාවේල්ල තල්දූව නාපාවල ප්‍රදේශයේ පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර මළ සිරුර හොර රහසේ වළ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවිස්සාවේල්ල ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන “මන්නා රමේෂ්” නැමැත්තා ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
මෙලෙස වෙඩි තබා ඝතානය කර ඇත්තේ නාපාවල පංදිංචි මාලන් (25) නැමැත් තරුණයෙකි.
ඉකුත් (16) දින මන්නා රමේෂ් නැමැත්තාගේ නිවසේ රිපීටර් වර්ගයේ ගිනි අවියකින් මෙම තරුණයා වෙඩි තබා ඝාතනය කර සිරුර වෑන් රථයකින් කිරිදිවැල පොලිස්වසරේ මීතිරිගල නිස්සරණ වනයේ වළ දමා ඇති බවට තොරතුරු හෙළි වු බව විශේෂ කාර්ය බළකාය කියයි.
තරුණයාගේ මළ සිරුර හෙට (21) ගොඩ ගැනීමට නියමිත ඇත.

