කොරෝනා මාරාන්තික වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ වූහාන් නගරයට විශේෂ ගුවන් යානයක් යැවීම සඳහා චීන රජයෙන් අවසර ඉල්ලා ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවැසීය.
වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයන් මුදා ගැනීම සඳහා එලෙස විශේෂ ගුවන් යානයක් යැවීමට චීන රජයෙන් අවසර ඉල්ලූ බවත් එම ක්‍රියාමාර්ග ඉක්මන් කිරීමට යුහුසුළුව කටයුතු කරන බව ද හෙතෙම කීය.
වූහාන් නගරයේ සහ හුබෙයි පළාතේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් මුදාගන්නා තෙක් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කිරීමට හුබෙයි පළාත් විදේශ කටයුතු කාර්යාලය සහ වූහාන් නගරසභාව සමඟ සමීපව කටයුතු කරන බව ද ඔහු කීවේය.
වූහාන් නගරයේ මේ වනවිට ශ්‍රී ලාංකිකයන් 33 දෙනෙකු සිර වී සිටින බවත් ඔවුන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දී කටයුතු කරන බවත් ඒ සඳහා බීජිං අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟත් චීන බලධාරීන් සමඟත් නිරත්නරයෙන් අදහස් හුවමාරු කරගනිමින් කටයුතු කරන බව ද හෙතෙම කීය.
හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී චීනයේ ශ්‍රී ලාංකිකයන් 864 දෙනකු සිටි බවත් අද (30) වනවිට එම සංඛ්‍යාව 284 දක්වා අඩු වී ඇති බවත් විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
ශ්‍රී ලාංකිකයන් 580 දෙනකු නැවත මෙරට පැමිණ ඇති බව ද එහි දැක්විණි. බීජිං අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ෂැංහයි සහ ගුවංෂු හි තිබෙන ශ්‍රී ලංකා කොන්සියුලර් ජෙනරාල් කාර්යාල සමඟ එක්ව ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණීමට සහාය සහ පහසුකම් දක්වමින් සිටින බව එම නිවේදනයේ සඳහන් විය.
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ බීජිං, ෂැංහයි සහ කැන්ටන් සාමාන්‍ය ගුවන් ගමන් සිදුවන බවත් ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණීම සඳහා 50% ක වට්ටම් ලබා දී ඇති බවත් එම අමාත්‍යාංශය සඳහන් කළේය.
ඊට අමතරව එයාර් චයිනා සහ චයිනා ඊස්ටන් එයාර්ලයින්ස් සමාගම් 40%ත් 50%ත් වට්ටම් ලබාදෙන බව ද එම අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය.
055

