වීසා නැතිව රැදී සිටි විදේශිකයින් 136 දෙනකු අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)
වලංගු වීසා නොමැතිව  මෙරට තුළ සැඟව සිටින විදේශිකයන් අත්අඩංගුවට ගැනීම සදහා මුළු දිවයිනම ආවරණය වන පරිදි පැය අටක පුරා සිදුකළ සෝදිසි මෙහෙයුමකින්    විදේශිකයන්  136 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි.

වැඩබලන පොලිස්පති   සී ඞී වික‍්‍රමරත්න මහතාගේ   උපදෙස් මත  ඊයේ  (5) රාති‍්‍ර 10.00 සිට  අද  (‍06) අලූයම 6.00 දක්වා  මෙම මෙහෙයුම  සිදුකළ බව පොලිස් මුලස්ථානය කියයි.
 
 අත්අඩංගුවට ගත් පිරිස  ඉන්දියන් ජාතිකයන්  82 ක්, ජාතිස්ථාන ජාතිකයන් 12 ක්,  මාලදිවයින් ජාතිකයන් 10 දෙනෙක්,  නයිජීරියන් ජාතිකයන් 8 දෙනක්,  බංගලිදේශ ජාතිකයන් 6 දෙනෙක්,  චීන ජාතිකයන් හා කැනඩා ජාතිකයන් සිව්දෙවා බැගින් අටදෙනෙක්,  තායිලන්ත හා ස්විට්සර්ලන්ත ජාතිකයන් දෙදෙනා බැගින් සිව්දෙනෙක්,  ඇමැරිකානු, කටාර්, ස්වීඩන්,  ඇග්ෆනිස්ථාන්, ඊශ‍්‍රායෙන් , කොරියා යන රටවල එක් අයකු බැගින්  සිටින බව පොලිස් මුලස්ථානය කියයි.
 
මොවුන්  මෙරට රැදී සිටිමින්  නොයෙක් වංචාවන් වල, නීති විරෝධී ජාවාරම්වල නිරත බව බවත්  ඒ අනුව මොවුන් අත්අඩංගුවට ගැනීමේ මොහෙයුම් කි‍්‍රයාත්මක කළ බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
 
 අත්අඩංගුවට ගත්  විදේශිකයන් පිරිස අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට නියමිත අතර මෙම මෙහෙයුම්  අඛණ්ඩව ඉදිරියේත් සිදුකරන බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.