( අනීෂා මානගේ , චන්ද්‍රසේන ගමගේ සහ අශෝක තිලකරත්න)
වීරකැටිය උඩයාල ප්‍රදේශයේදී අද (24) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වීරකැටිය පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ 39 වැනි වියේ පසු වූ දෙදරු පියෙකු වූ වන්නිආරච්චිගේ රුවන් නාලක නම් පුද්ගලයෙකි.
මකුළුදෙනිය ප්‍රදේශයේ ඇති අවමගුල් නිවසක ට සහභාගි වී ඇති මිය ගිය අය නැවත තම නිවස බලා යාම සදහා යතුරු පැදිය නවතා තිබූ ස්ථානයට යමින් සිටියදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලීසිය පවසයි.
වෙඩි තිබීම සිදුව ඇත්තේ අවමගුල් නිවස ඉදිරිපිට ඇති පටු මාර්ගයකදී බවත් එම ප්‍රදේශය ලදු කැලෑවකින් ගහන ප්‍රදේශයක් බවත් පොලීසිය පවසයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අය තංගල්ල මූලික රෝහලට රැගෙන යමින් සිටියදී මිය ගොස් ඇති බව පවසන පොලීසිය මෘත දේහය තංගල්ල මූලික රෝහලේ තැන් පත් කොට ඇති බවද පවසයි. වැඩි දුර විමර්ශන වීරකැටිය පොලීසිය මගින් සිදු කරයි .
( ඡායාරූප චන්ද්‍රසේන ගමගේ )