(යොහාන් භාසුර)
වී සඳහා සහතික මිලක් වෙනුවට අවම මිලක් ඉදිරියේදී ප්‍රකාශ කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (20) පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යංශ්‍යයට යටතේ ඇති ආයතන පහක් සම්බන්ධ වී නිෂ්පාදන වියදම සකස් කරන බව කී නාමල් කරුණාරත්න මහතා එම නිෂ්පාදන පිරිවැයට පොහොර සහනාධාරය ඇතුළත් නොවන බව ද සඳහන් කළේය.
ගොවීන්ට ශුද්ධ ලාභයක් ලැබෙන සේ අවම මිලට රජය වී මිලදී ගන්නා බවත් අදාල ප්‍රමිතියට වී සපයන ගෙවීන්ට අමතර රුපියල් දෙක බැගින් ද දෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රජය මිලදී ගන්නා වී අළෙවි නොකරන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එම වී සහල් කර සාධාරණ මිලට ජනතාවට අළෙවි කරන බවත්ය.