(මනෝජ් හර්ෂික)
වී කිලෝවක මිල රුපියල් පහකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව රුපියල් 41.00ට පැවැති සම්බා වී කිලෝව රුපියල් 46.00 දක්වා ද,රුපියල් 38.00කට පැවැති නාඩු වී කිලෝව රුපියල් 43.00 දක්වා ද වශයෙන් මිල සංශෝධනය වී ඇත.
ගොවීන්ගේ නිෂ්පාදන වියදමට සාපේක්ෂව වසර ගණනාවකින් වී මිල සංශෝධනය වී නැතිබවත් සංශෝධිත මිලට අදාළව කැබිනට් පත‍්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමු කිරීමට නියමිත බවත් කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කරයි.

