(යොහාන් භාසුර)
වී කිලෝවක් රුපියල් 300කට අධික මිලකට රටපුරා අලෙවි වන බව වාර්තා වේ.
ඉදිරියේදී ආහාර හිඟයක් ඇති වේ යැයි බියෙන් ජනතාව වී තොග රැස්කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල ගොවීහු තමන් සතුව ඇති වී තොග අලෙවි නොකරන බවත් දැනගන්නට තිබේ.
එම දිස්ත්‍රික්ක වලට පිට පළාත් වලින් ජනතාව පැමිණ පෞද්ගලිකව වී මිලදී ගැනීම සිදුකරන බවත් ගොවියෝ පවසති.