ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවක සංගමය කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී අද(05) පෙරවරුවේදී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වූවේය.
අහිමි කළ රුපියල් 10000 ක ආර්ථික සහන දීමනාව නැවත ලබා ගැනීම,වන්දි නොදී සේවකයන් ඉවත් කිරීමේ යෝජනාව අකුලා ගැනීම, ජීවත්වීමට සරිලන වැටුපක් ලබා ගැනීම වැනි ඉල්ලීම් ඒ අතර විය.

