(අජන්ත කුමාර අගලකඩ)
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් දැනුවත් කිරිමේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (9) සවස 3.30 ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.
එහිදී අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්.පිරිස් සහ අධිකරණ ඇමැති ජනාධීපති නීතිඥ අලි සබ්රි යන මහත්වරුන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් දැනුවත් කරනු ඇතැයි වාර්තා වේ.
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තමන් දැනුවත් නැති බැවින් ඒ පිළිබඳව දැනුවත් කරන්නැයි ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ව ආණ්ඩුවෙන් ඉකුත් දා ඉල්ලීමක් කළහ.
මෙම දැනුවත් කිරිමේ හමුව එම ඉල්ලීම අනුව කැඳවා ඇතැයි වාර්තා වේ.

