විශ්‍රාමිකයන්ගේත් - ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලී අඩු කෙරේ


(රංජන් කස්තුරි)

විශ්‍රාමිකයන්ගේ සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවන බැංකු පොලී අනුපාතය ජූලි මාසය අගදී තවදුරටත් අඩු කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
 
විශ්‍රාමිකයන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බොහෝදෙනෙකු ස්ථාවර තැන්පතු පොලී අනුපාතයෙන් සිය ජීවන කටයුතු සිදුකරගන්නා බැවින් දිනෙන් දිනම පොලී අනුපාත පහත දැමීමෙන් තමන් බලවත් අසරණ තත්වයට පත්වන බවද ඔවුහු කියති.
 
මෑතකදී අවස්ථා දෙකකදී බැංකු පොලී අනුපාත පහත දැමූ අතර, තෙවන වරටත් පොලී අනුපාත අඩුකිරීමෙන් තමන් බලවත් අසරණ තත්ත්වයට පත්වන බවද විශ්‍රාමිකයෝ පෙන්වා දෙති.
 
වයස අවුරුදු 60 දක්වා වන තැන්පතුකරුවන්ගේ ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලී අනුපාතය 9.33% දක්වා මේ වනවිට අඩුකර තිබෙන අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා පොලී අනුපාතය 11.5% සහ 12% දක්වා පහත දමා තිබේ.