(ඉන්දිකා රාමනායක සහ ළහිරු හර්ෂණ)
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක් හේතුවෙන් අද(29) කොළඹ කොටුව ලෝටස් පාර වසා ඇති බව පොලිසිය කියයි.
උද්ඝෝෂණයේ නිරත වු රැකියා විරහිත උපාධිධාරීන්ට දෙවැනි වරටත් පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
විරෝධතාකරුවෝ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කරමින් සිටිති.
පොලිස් කැරලි මර්දන කණ්ඩායම්, අධි පීඩන ජල ප‍්‍රහාරක රථ එම ස්ථානයට කැඳවා ඇති බව පොලිසිය කියයි.
ඡායාරූප - ළහිරු හර්ෂණ



වැඩිදුර ඡායාරුප නැරඹීමට පිවිසෙන්න
රැකියා විරහිත උපාධිධරයන්ගේ විරෝධතාවයට දෙවැනි වරටත් කඳුළු ගෑස්

