(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය කන්නියා උණු දිය ළිං පුරාවිද්‍යා පරිශ්‍රයේ පුරාවිද්‍යා නිලධාරින් කැනිම් කර මතු කරගත් දාගැබේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරිමට යාමේදි එල්ලවු විරෝධතාවයක් මත අද (24) එහි ගිය ත්‍රිකුණාමලය දිසාපති එන්.ඒ.ඒ.පුෂ්පකුමාර මහතා එම සංරක්ෂණ කටයුතු ජුනි 10දා දක්වා තාවකාලිකව නැවැත්විමට පියවර ගනු ලැබිය.
මෙම ඉපැරණි දාගැබ මතුපිට කෝවිලක් තිබු බවට එල්ලවු විරෝධතාවය මත දැනට එහි සංරක්ෂණ කටයුතු නැවැත්විමටත් ඒ සම්බන්ධයෙන් සොයාබැලිමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පි.බි.මණ්ඩාවල මහතාට දුරකථනයෙන් දැනුම් දිමටත් කටයුතු කළේය.
එහි රජමහා විහාරාධිපති අංපිටියේ සීලවංශ තිස්ස හිමි හින්දු පූජකවරු සහා ත්‍රිකුණාමලය ප්‍රාදේශිය සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඩබ්.එච්.ඒ. සුමනදාස මහතාද එක්වි සිටියහ. උණුදිය ලිං පරිශ්‍රය ඇතුලු උණුදිය ලිං රජමහා විහාරය සහිත අක්කර අටක භූමිය තමන්ට අයත්බව කියමින් කාන්තාවක් එම ස්ථානයට පැමිණ විහාරාධිපති හිමියන්ට බැන වැදි තර්ජනය කිරිමත් සමග තත්වය තරමක් උණුසුම් විය.අනතුරුව දිසාපතිවරයා එයට නිත්‍යානුකුලව කටයුතු කරන්නැයි කාන්තාවට පවසා සිද්ධිය සමතයකට පත් කළේය.
සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඒ.එච්.ඒ.සුමනදාස මහතා පැවසුයේ මෙම පරිශ්‍ර ය 2011 සැප්තැම්බර් 09 වන දින අංක 1723 දරණ ගැසට් නිවේදනයෙන් දාගැබ, පිළිම ගෙය,ඇතුලු උණුදිය ළිං පුරාවිද්‍යා ස්මාරක ලෙස ගැසට් කර ඇති බවයි.
මීට වසර තුනකට පෙර දාගැබේ කැණිම් කරද්දි මෙම විරෝධතාවය මතු නොවු බවත් සංරක්ෂණ කටයුතු කිරිමට යෑමේදි විරෝධතාවයක් මතු විම ප්‍රාදේශිය දේශපාලඥයන්ගේ උසිගැන්විමක් බවත් මෙම ස්ථානය දෙමළ ජාතික සංධානයට බලය හිමි ත්‍රිකුණාලමලය නගර හා කඩවත් ප්‍රාදේශිය සභාව ලබාගැනිමේ උත්සහය මේ පිටුපස පවතින බවත්ය.




