විභාග දෙකක ප්‍රතිඵල දෙන දවස් ඇමැති කියයි


අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර නිකුත් කිරිමට අපෙක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය  ජී.එල්.පීරිස් මහතා පවසයි.

එලෙස ප්‍රතිඵල නිකුත් කළ පසුව දරුවන් විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමේ ප්‍රමාදය වළක්වාගත හැකි බව ද අමාත්‍යවරයා කියයි.

මේ අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵළ ජූනි මාසයේදී ලබාදීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කරයි.

ඒ අනුව උසස් පෙළ පන්ති ජූලි මාසයේදී ආරම්භ කිරීමට හැකිවන බව ද මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි