(නිමල කොඩිතුවක්කු)
ආපදාවෙන් විපතට පත් ධීවර සහ ගොවි ජනතාව වෙනුවෙන් වන්දි ගෙවීම් කටයුතු කඩිනමින් සිදුකරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂන සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා කොලඹදී පැවසීය.
වන්දි ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන රජය වෙන්කර ඇති බවත් වන්දි ගෙවීම ඉල්ක්ක කරගනිමින් දත්ත ලබාගැනීම මේ දිනවල සිදුකරමින් යන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ගංවතුර සහ ආපදා තත්වයන් වලක්වා ගැනීම සඳහා කඩිනම් වැඩපිලිවලක් ඉදිරියේදි රජය ක්‍රියාත්මක කරන බවත් පවතින ආපදා තත්වය සහ වන්දි ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් කොලඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පැවසීය.
සිදුවූ ආපදා තත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.