විපක්ෂය රංජන්ට සමාවදීමේ ලිපිය ඉල්ලයි


 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජූලිගේ)

රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමේ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටියේය.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා:-

ඔව්, ඒ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-

ඒ ලිපිය අධ්‍යයනය කරන්න ඕන.  ඒ ලිපිය ඉදිරිපත් කරන්නැයි ඉල්ලුවේ ඒකයි.