විපක්ෂය කළු ඇඳුමෙන් මැතිසබයට


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


ජනතාවට අධික ලෙස බදු බර පටවා ඇතැයි චෝදනා කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන්  කළු ඇඳුමින් සැරසී මැතිසබයට අද  උදේ පැමිණ සිටීම විශේෂ සිද්ධියක්විය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතා පැවසුවේ ජනතාවට අසීමිත ලෙසබදු ගැසීමට විරෝධය පළ කිරීම සඳහා මෙසේ කටයුතු කළ බවයි.