
(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුර සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරි එම්. ජී. සී. එස්. රණසිංහ මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු වශයෙන් දැනට සේවය කරනු ලබන එම්. ජී. සී. එස්. රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරේ පුර්ණකාලීව වැඩ බැලීම සඳහා පත් කිරීම පිණිස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් නුමත කරන ලදී.

