(ජයන්ත සමරකෝන්)
කොළඹ 7 සර් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පිහිටුවා ඇති ඔම්බුඩ්ස්මන් කාර්යාලයට මේ වනවිට විවිධ වර්ගයේ පැමිණිලි 4000 ක් පමණ ලැබී ඇතැයි එම කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අතරින් 75% ක් දේශපාලන පලිගැනීම් පිළිබඳව චෝදනා ඇතුළත් පැමිණිලි වන බවද එහි ප්‍රකාශකයෙක් පැවැසීය.
වැඩිම දේශපාලන පලිගැනීම් වාර්තා වී ඇත්තේ නිවාස සංවර්ධන අධිකාරියට එරෙහිව බවද දිනකට ලැබෙන එම පැමිණිලි සංඛ්‍යාව 50 ක් පමණ වන බවද එම ප්‍රකාශකයා කීය.
නිවාස, ඉඩම් ඇතුළු ගැටලු ගණනාවක පැමිණිලි ඒ ඒ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු වෙත යවන බවද ඔහු කීවේය.
සෑම සතියේ දිනකම මෙම කාර්යාලයේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු රැඳී සිටින බවද වාර්තාවේ.
නව ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු මෙම කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත රැගෙන යන බවද දැනගන්නට තිබේ.
ඉකුත් ජූනි මස 3 වැනිදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම කාර්යාලය විවෘත කර ඇත.

