විපක්ෂ නායක අධිකරණ භූමියට


(අංජුල මහික වීරරත්න)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාගයට ගැනෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට දැන් පැමිණියේය.

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු රැසක් ද විපක්ෂ නායකවරයා සමඟ අධිකරණ භූමියට පැමිණියහ.

පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද අධිකරණ භූමියට පැමිණ සිටින අයුරු දැක ගත හැකිය. අධිකරණ භූමියට ඔබ්බෙන් මහා පිරිසක් රැස්වී උද්ඝෝෂණය කරමින් සිටිති.

" අනුර එපා කිව්වට අපි ආවා කොළඹට"ආදී සටන් පාඨ කියමින් ඔවුහු උද්ඝෝෂණය කරති.

(ඡායා ළහිරු හර්ෂණ)