
(සිරංගිකා ලොකුකරවිට)
විනෝද චාරිකාවක යෙදුණු පිරිසක් අතරින් 16 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි බලපිටිය සෞඛ්‍ය වෛදය නිලධාරී කාර්යාලය පවසයි.
ඔවුහු අඳාදොළ, වතුගෙදර, රන්දොඹේ සහ කොස්ගොඩ පදිංචිකරුවෝ වෙති.
වැලිගම ප්‍රදේශයේ පුද්ගලයකුද මෙම විනෝද චාරිකාවට සම්බන්ධ වී ඇති අතර වැලිගම පදිංචිකරු කොරෝනා ආසාදිත බව වාර්තා වීම හේතුවෙන් එම චාරිකාවට සහභාගී වූ අනෙක් පිරිස සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබේ.
එහිදි සොයාගෙන ඇත්තේ එම චාරිකාවට සම්බන්ධ වූ 16 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවය.

