(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
තමන්ට විනිසුරුවරුන්ට අපහාස කිරීමේ චේතනාවක් නොතිබූ බවත් තමාගේ අරමුණ වූයේ හිටපු අධිකරණ අමාත්‍යවරයාගේ ක‍්‍රියාකලාපය විවේචනය කිරීම යැයි තමන්ට එරෙහිව ගොනු කර ඇති අධිකරණ අපහාස නඩුව අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගනු ලැබූ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවසීය.
රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහි මෙම පැමිණිල්ල සිසිර ද ආබෲ , ප‍්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
විශ‍්‍රාමලත් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් මෙම චෝදනා පත‍්‍රය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කෙරිණි.
පැමිණිල්ල වෙනුවෙන් හිරු ප‍්‍රවෘත්ති සේවයේ අධිකරණ වාර්තාකරු අජිත් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් සාක්කි දෙමින් කියා සිටියේ විත්තිකාර රංජන් රාමනායක මහතා කියා සිටියේ පස්වතාවක්ම අදාළ ප‍්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා බව මාධ්‍යයට පැවසූ බවය.
අජිත් වික‍්‍රමසිංහ මහතාගේ සාක්කිය අවසන් වීමෙන් පසු පැමිණිල්ලේ සාක්කි අවසන් බව අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

