විදේශීය මත්ද්‍රව්‍ය සමග 14 ක් අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
                           
අද  (13) අළුයම සිදුකළ මෙහෙයුමකදී  විදේශීය දුම්වැටි සහ මත්පැන් සමඟ පුද්ගලයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතා පැවසීය.  

දුම්වැටි 7200 ක් සහ  විදේශීය  මත්පැන් බෝතල් 22 ක් පොලිස් බාරයට ගෙන ඇත.  

අත්අඩංගුවට පත්වූවන් අතර වරෙන්තුකරුවන් දෙනෙකු සිටින බවත් ඒ අතර කාන්තාවන් තිදෙනෙක් වන බව ඒ මහතා කීය

අලුයම 2 සිට අලුයම 6 දක්වා පැය 04ක කාලයක් කොළඹ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මෙහෙයුම  සිදුකළ බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.