විදේශිකයන් ගමන් ගත් බසයක් අධිවේගයේදී අනතුරක


(පද්මසිරි ගාර්දියවසම්,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ චන්ද්‍රසේන ගමගේ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 138 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද (17) අලුයම 5 ට පමණ විදේශීය සංචාරකයන් පිරිසක් රැගත් බස් රථයක් සිමෙන්ති ප්‍රවාහනය කරන ලොරියක ගැටී එක් අයකු මියගොස් දහතුන් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පැවසීය .

මියගොස් ඇත්තේ සංචාරක බස් රථයේ රියදුරාය .

තුවාල කරුවන් හතර දෙනකු  තංගල්ල මූලික රෝහලට රැගෙන විත් තිබේ .

තංගල්ල මූලික රෝහලට ඇතුළත් කළ තුවාල කරුවන් අතර විදේශීය සංචාරකයන් තිදෙනකු සහ සංචාරක මග පෙන්වන්නා සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි .

අනතුරට පත් බස් රථයේ විදේශීය සංචාරකයන් 12 දෙනකු ගමන් කර ඇතැයි පොලිසිය පැවසීය . අනතුරින් සුලු තුවාල ලැබූ සංචාරකයන් 9 දෙනකු ප්‍රතිකාර සදහා බෙලිඅත්ත හත්බෝධිය රෝහලට ඇතුළත් කර තිබේ .ඔවුන්ද වැඩිදුර ප්‍රතිකාර සදහා තංගල්ල මූලික රෝහලට රැගෙන ඒමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග පවසයි .

මියගිය රියදුරුගේ මෘතදේහය බෙලිඅත්ත රෝහලේ තැන්පත් කර ඇත.

ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ