විදේශ භාෂා උගන්වන්න රාජ්‍ය පාසල්වලට උපාධිධරයෝ බඳවා ගනිති


(ආරියරත්න රණබාහූ)

රජයේ පාසල් වල විදේශ භාෂා ඉගැන්වීම සඳහා උපාධිධාරී ගුරුවරු බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දිනෙක අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇති බවද අමාත්‍යාංශය පවසයි.

මෙරට පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ විදේශ භාෂා ඉගැන්වීමේ අවස්ථෘ පුළුල් කිරිම සඳහා මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව මේ සඳහා ගුරුවරු 279 දෙනෙකු බඳවා ගැනීමට කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇතැයි ද අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

දැනට විදේශ භාෂා ඉගැන්වීම සිදුකෙරෙන ජාතික පාසල්වල සහ ඉදිරියේ දී විදේශ භාෂා ඉගැන්වීමට යෝජිත ජාතික පාසල්වල 10-11 ශ්‍රේණිවල සහ උසස්පෙළ ශ්‍රේණි සඳහා මෙම ගුරුවරු යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.