
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න )
විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය.
වැය ශීර්ෂ අංක 12 සඳහා බෙදීමක් පැවති හෙයින් ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්විණ.
එම ඡන්ද විමසීමේදී වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 87 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද හතක් පමණි
ඒ අනුව වැඩි ඡන්ද අසූවකින් එම වැය ශීර්ෂය සම්මත විය
අද උදේ 10.00 ට පමණ ආරම්භ වූ විවාදය සවස 6.30 දක්වා පැවැත්විණ.
විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ

