(තිළිණි ද සිල්වා)
කොවිඩ් 19 ව්‍යාප්තියත් සමඟ මතුව ඇති තත්වය හේතුවෙන් තමන්ව යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස බ්‍රිතාන්‍යය , ඉන්දියාව , එක්සත් අරාබි එමීර් රාජ්‍යය , මාලදිවයින ආදි විදෙස් රටවල් කිහිපයක සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිති.
ඔවුන් මේ ඉල්ලීම සිදුකරන්නේ තමා පත්ව සිටින තත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු පැහැදිලි කරමින් වන අතර මින් වැඩි ඉල්ලීම් සමාජ මාධ්‍ය ඔස්සේ කරමින් සිටින්නේ ඉන්දියාවේ විශ්ව විද්‍යාලයන් හි උසස් අධ්‍යාපනය ලබමින් සිටින ශ්‍රී ලාංකික සිසුවියෝ වෙති.
මේ වන විට ඉන්දියාවේ 600කට වැඩි ලාංකික ශිෂ්‍ය පිරිසක් උසස් අධ්‍යාපන කටයුතු වල නිරතව සිටින අතර මැයි 3 වැනිදා දක්වා ඉන්දියාවේ ඇදිරි නීතිය දීර්ඝ කිරීම හේතුවෙන් තමන් දැඩි අර්බුදයට පත්ව සිටින බව ඔවූහු එම සමාජ මාධ්‍ය වීඩියෝ තුළින් කියා සිටිති.
නවදිල්ලි නුවර උසස් අධ්‍යාපන කටයුතු වල නිරත මියැසි දිසානායක සහ චිලිනි භාග්‍ය නැමැති ශිෂ්‍යාවන් දෙදෙනා මෙසේ පැවසුවාය.
"ඉන්දියාවේ නව දිල්ලි නුවර සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් වන අප, දැනට සුරක්ෂිතව සිටියත් අප දෙදෙනාට නේවාසිකාගාර පහසුකම් නැති හෙයින් ආහාර සපයා ගැනීමට සහ පානීය ජලය සපයා ගැනීමට අපහසුය. පානීය ජලය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් සැපයීමට කටයුතු කළද, ඉදිරි දිනයන්හි ආහාර ලබා ගැනීමට අපහසුතාවයකට ලක්වියහැකිය.
දෛනිකව 500කටත් අධිකව වාර්තාවන රෝගීන් ප්‍රමාණයත් සමග සැබැවින්ම ඉදිරිය පිළිබඳව අවිනිශ්චිතව තත්ත්වයක් අප සියලුදෙනා අතරම ඇතිවෙමින් තිබේ.
දින 21ක මේ lockdown සීමාවෙන් පසුවද, නැවත එය දීර්ඝකරන බව පවසන අතර එසේ වුවහොත් අප සියලු දෙනාට එය අසීරු කාලයක් වනු නොඅනුමානය
අද දවස , මේ සතිය, මේ මාසය පමණක් සිතා නොව,නිශ්චිතව සිතිය නොහැකි ඉදිරියක් පිළිබඳව සිතා මේ ආයාචනය කරන අතර, ශිෂ්‍ය ශිෂ්‍යාවන් වන අපගේ මෙන්ම, අපගේ දෙමව්පියන්ගේද මානසික තත්ත්වය පිළිබඳවද සලකා බලා, ඉන්දියාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් වන අපට නැවත අපේ මව්බිමට පැමිණීමට අවස්ථාව උදාකරදෙන මෙන්, අතිගරු ජනාධිපතිතුමන්, අගමැතිතුමන්, යුද හමුහමුදාපතිතුමන් ඇතුළු සියලුම අංශවලින් ආයාචනාත්මකව ඉල්ලා සිටිමු යැයිද එම ශිෂ්‍යාවන් පැවසූහ
මේ අතර විශේෂඥ වෛද්‍ය පුහුණුව ලබා ගැනීමට රජයේ වියදමින් බ්‍රිතාන්‍යයට ගොස් සිටින ලාංකික වෛද්‍යවරුන් 85 දෙනෙකුද තමන්ව නැවත දිවයිනට ගෙන්වා ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව දන්වා ඇතැයි තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.
බ්‍රිතාන්‍යයේ කොරෝනා වසංගතය දැඩ් ව්‍යාප්තියක් පවතින් බැවින් තමන් විශේෂඥ පුහුණුවද මේවන විට නවතා දමා ඇති බවත් , තමන් විසින් සියලු ගුවන් ගමන් වියදම් හා රජයේ නිරෝධායන ක්‍රමවේද යටතේ සියලු වියදම් දැරීමට පවා එකඟ වන බවද ඔවුන් ජනාධිපතිවරයාට දන්වා ඇත.
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ඇතැම් ශ්‍රමික පිරිස් මාසයකට ආසන්න කාලයක් තිස්සේ ඔවුන්ගේ නේවාසිකාගාර තුළ දැඩි අසීරුතාවට පත්ව සිටින බවද තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ.
කොරෝනා වසංගතටෙන් බේරීම සදහා මාලදිවයිනේ සියලු දූපත් හි පිහිටි සංචාරක හෝටල් සහ නිකේතන වසා දමා තිබෙන අතර මේ හේතුවෙන් එම ස්ථාන වල සේවය කල ලාංකික ශ්‍රමිකයින් දැඩි අසීරුතාවට පත්ව ඇඇයි මාලදිවයිනේ සිටින ලාංකිකයෝ පෙන්වා දෙති.
එබැවින් තමන්ව යලි දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි ද ඔවූහු ජනාධිපතිවරයා ගෙන් හා අග්‍රාමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටිති.
කොවිඩ් 19 වෛරසය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් වීමත් සමඟ ලොව බොහෝ රටවල් සිය සංචරණ කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබු අතර ඒ අනුව පසුගිය මාර්තු 19 වන දින සිට නැව් මගින් හෝ ගුවන් මගින් කිසිදු මගියකු රට තුළට ඇතුළු කරගැනීම අත්හිටුවීමට ශ්‍රී ලංකා රජයද පියවර ගත්තේය.
මේ හේතුවෙන් විදෙස්ගතව සිටින තවත් බොහෝ ශ්‍රී ලාංකිකයින් පිරිසක් මේ වනවිට යළි ඒමට නොහැකිව එම රටවල රැඳී වී සිටියි.
මේ අතර කොරෝවා වසංගත තත්ත්වය හේතුවෙන් විදේශලත ලාංකිකයින් මුහුණ දෙන ගැටලු ගැනලදැන ගැනීම සදහා විදේශ අමාත්‍යාංශය යටතේ පිහිටවූ " කන්ටෑක්ට් ශ්‍රී ලංකා " සජීවි අන්තර්ජාල පිවිසුම හරහා ලාංකිකයින් 55000 ක් මේවන විට ලියාපදිංචි වී ඇතැයි එම අමාත්‍යාංශය කියා සිටි.
මෙලෙස ලාංකිකයින් යොමු කරන ගැටලු සම්බන්ධයෙන් විදේශයන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මට්ටමින් සොයා බලා විසදුම ගැනීමට විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී ඇත.
මේ වන විට ඇතිවී තිබෙන මෙම තත්ත්වය යටතේ ලෝකයේ විවිධ ගුවන්තොටුපොලවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33දෙනෙකු මෙරටට ගෙන්වාගැනීමට රජය කටයුතු කල අතර ඒ අනුව එම පිරිසෙන් 21
දෙනෙකු යළි ලංකාවට ගෙන්වා ගනු ලැබූ බව විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.

