විදෙස්ගත ලාංකිකයන්ට සහන සලසන්න කෝටි 10 ක් තානාපති කාර්යාවලවලට


(තිළිණි ද සිල්වා)

කොවිඞ් 19 වසංගතය හමුවේ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සේවා 42 ක් සදහා රුපියල් කෝටි 10  ක ප්‍රතිපාදන වෙන් කරදීමට විදේශ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

දැනටමත් මෙම මුදල් වලින් රුපියල් කෝටි 7කට අධික මුදලක් විදෙස්ගත ලාංකිකයින්ගේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් වියදම් කර ඇති අතර  ඉන් වැඩිම මුදලක් වැය කර ඇත්තේ කටාර් හී දෝහා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනි. එම මුදල රුපියල් 42, 25,000කි.

මීට අමතරව රුපියල් 40,53,000 ක මුදලක් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් වියදම් කර ඇති අතර ඩුබායි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය රුපියල් 340,000ක මුදලක් ලාංකිකයින් සදහා වෙන් කරනු ලැබ ඇත.