
(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලය වැඩ වර්ජනයකට ගෙනගොස් විදුලිය විසන්ධි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කළ උත්සාහය වැඩකරන ජනතාව පරාජය කළ බවත් ජනතා විමුක්ති පෙරමුණට රට විනාශ කිරීමට නොදෙන්නේ යැයි විදුලිබල මණ්ඩලයේ සේවකයන් පෙන්නූ බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද (3) පෙරවරුවේ පැවසීය.
විදුලි වැඩ වර්ජනයක් කර පැය 72 ක් විදුලිය කපා ජෙනරේටරයක් හෝ ක්‍රියාත්මක කළ නොහැකි ලෙස ඛනිජ තෙල් සැපයුම ද නවත්වන බවට විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයා කී බවත් ඒ අවස්ථාවේදී රජය නිශ්ශබ්දව සිටියේ යැයි ද අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේය.
ජනාතා විමුක්ති පෙරමුණ රජයට කළ විශාල අභියෝගය විදුලිබල මණ්ඩලයේ සියලුම ඉංජිනේරු මහත්වරු, කාර්මික නිලධාරී මත්වරු සහ විදුලි අධිකාරිවරු ඇතුළු සියලුම දෙනා වැඩකර ජයගත් බව කී අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවේ විදුලිය විසන්ධිවීමකින් තොරව පැය 24 පුරාම විදුලිය ලබාදීමට හැකි වූ බවයි.

