(රංජන් කස්තුරි)
හදිසි විදුලිය මිලදී ගැනීම්වලදී සිදුව ඇතැයිද කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීමට විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ඉකුත් කාලයේ සිදුව ඇති හදිසි විදුලිය මිලදී ගැනීම්වලදී විශාල මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇතැයිද, ඒ පිළිබඳව සත්‍යතාවය තහවුරු කරගැනීමට විධිමත් පරීක්ෂණයක් කළ යුතුව ඇතැයිද අමාත්‍යවරයා නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත.
කිසියම් විදුලි සමාගමක් වංචනික ලෙස කටයුතු කර ඇත්නම් එම සමාගම අසාදු ලේඛනගත කරන බවද ඇමැතිවරයා කියා තිබේ.
විදුලි උත්පාදනය අඩු අවස්ථාවලදී හදිසි මිලදීගැනීම් ලෙස පෞද්ගලික සමාගම්වලින් වැඩි මිලට විදුලිය ලබාගැනේ.

