විදුලිය බිඳ වැටුණේ ජල විදුලිය නැති වීමෙන්


(යොහාන් භාසුර)

හම්බන්තොට, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රිකක්වල ප්‍රදේශ රැසකට ඊයේ (23) රාත්‍රී විදුලිය බිඳ වැටටීම හේතුව සමනලවැව සහ ලක්‍ෂපාන යන ජලාශවලින් ජනනය කරන විදුලිය ප්‍රමාණය අවමවීම බවත් දකුණ පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ විදුලි ඉල්ලුම සම්පූර්ණය කිරීමට වෙනත් ජලාශවලින් විදුලිය ගෙඒමේදී සම්ප්‍රේෂණ බිඳවැටුණු බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

සමනලවැව සහ ලක්‍ෂපාන යන ජලාශවලින් විදුලිය සැපයුම දකුණු පළාතට සහ රත්නපුර දිස්ත්‍රික්කයට කෙළින්ම සම්බන්ධකර ඇති බව කී එම උසස් නිලධාරියා මහවැලි ජලාශයකින් හෝ වෙනත් ස්ථානයකින් විදුලිය සැපයීමේදී මෙවැනි බිඳවැටීම් වන බව ද සඳහන් කළේය.

පොල්පිටිය සිට හම්බන්තොට කිලෝවෝල්ට් 220 සම්ප්‍රේෂණ මාර්ගය සම්බන්ධ කිරීමත් සමඟ ජල විදුලිය අවම වූ විට පිට පළාතකින් පහසුවෙන් ගෙන ඒමේ අවස්ථාව ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.  හම්බන්තොට, මාතර, ඇඹිලිපිටිය සහ බෙලිඅත්ත යන ප්‍රදේශවලට ඊයේ (23) විදුලිය බිඳ වැටුණි.