
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ විදුලි බලය නොමැති නිවාස සඳහා මහ මැතිවරණයෙන් පසුව නොමිලේ සූර්ය බල විදුලි කට්ටල ලබාදීමට පියවර ගන්නා බව ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙරට දැනට විදුලි බලය නොමැති පවුල් ඇත්තේ 12,500ක් පමණක් බවත් එම නිවාස විදුලිබලය ලබාදීමට සුදුසු තත්ත්වයක නොමැති නිසා සුර්ය විදුලි බල පද්ධතිය බැගින් නොමිලයේ ලබා දීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
ඉන්දියානු ණය ව්‍යාපෘතිය යටතේ ඒ සඳහා දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇතැයි කී ඇමතිවරයා එම වැඩපිළිවෙළ මහමැතිවරණයෙන් පසු ආරම්භ කරන බව ද කීවේය.

