
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා විදුලිබල ක්ෂේත්‍රයේ මේ වන විට උද්ගත වී ඇති තත්වයට රජයෙන් හොඳ ප්‍රතිචාරයක් නොලැබුණ හොත් වර්ජනයකට යෑමට තීරණය කළ බවත් රජය දක්වන ප්‍රතිචාරය අනුව වර්ජනය ආරම්භ කරනවාද නැද්ද යන්න තීරණය වන බවත් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුකරු රංජන් ජයලාල් මහතා පැවසීය.
විදුලිය බල ක්ෂේත්‍රය පිළිබඳව රජය හොර හරසේ එළඹි ගිවිසුම් ජනතාවට හෙළි කිරීමට කාලය ලබාදෙන බව කී රංජන් ජයලාල් මහතා පසුගියදා රාත්‍රී 11.35 ට කටුනායක ගුවන් තොටුපළට පැමිණි ජෙට් යානය කාගේද? ඒ පැමිණි අයත් සමඟ ගිවිසුමක් අත්සන් කළාද? යන්න රජය රටට හෙළි කළ යුතු බවත් සඳහන් කළේය.
කැබිනට් අමාත්‍යවරු ද නොදුණුවත්ව රජය ගිවිසුම් අත්සන් කර ඇති බව දැනගන්නට ඇති බව සඳහන් කළ ජයලාල් මහතා පැවසුවේ කැබිනට් මණ්ඩලය තුළින්ම රජයට විරෝධය එල්ල වෙමින් තිබෙන බවත්ය.
විදුලි බලමණ්ඩලය වර්ජනය කළහොත් විදුලිය සැපයුම විසන්ධිවීමෙන් ජනතාව දැඩි පීඩාවකට පත්වීම පිළිබඳව අවධානය යොමු කර වර්ජනයට යෑම ප්‍රමාද කරමින් සිටින බවත් කෙසේ වෙතත් වර්ජනයේ ආරම්භය අද හෝ හෙට ද යන්න කිවනොහැකි බවත් ඒ මහතා කීය.

