විදුලිබල ඇමති මණ්ඩලයේ සියලු වෘත්තිය සමිති කැඳවයි


(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරන සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයන් සමග විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විශේෂ සාකච්ඡාවක් අද (13) පස්වරුවේ පැවැත්වීය.

විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල, සාමුහික ගිවිසුම්, විදුලි ගාස්තු ක්‍රමවේදය සහ රජයේ බදු ප්‍රතිපත්තිය ඇතුළු ආයතනයේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළේය.

එම සාකච්ඡාව විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණි.