(යොහාන් භාසුර)
විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන ‘ඊ බිල්පත්’ සේවාව සඳහා ලියාපදිංචි වන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.
ලංකා විදුලිබල මණ්ඩලයේ http://ebill.ceb.lk වෙබ් අඩවිය ඔස්සේ පාරිභෝගිකයන්ට ලියාපදිංචි විය හැකි බවත් එසේ නොමැති නම් 1987 අංකයට දුරකථන කෙටි පණිවුඩයක් යොමුකිරීමෙන් ද ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි විය හැකි බවත් එම මණ්ඩලය සඳහන් කරයි.
පාරිභෝගිකයා සිය දුරකථන අංකයෙන් REG හිස්තැනක් විදුලි ගිණුම් අංකය හිස්තැනක් ලෙස සඳහන් කර 1987 අංකයට කෙටි පණිවුඩයක් යොමුකළ යුතුය.
දෙහිවල, කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර මාතර සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල පාරිභෝගිකයන්ට ‘ඊ බිල්පත්’ මේ වන විටත් නිකුත් කරන අතර එම සේවාව ඉදිරි මාස කිහිපය තුළ සමස්ත රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

