විදුලි සේවකයෝත් පාරට බසිති


(රංජන් කස්තුරි)

කෙරවලපිටිය විදුලි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට විකිණීම, එල්.එන්.ජී. ගෙන්වීම ඒකාධිකාරී බලය හා බෙදාහැරීමේ නල පද්ධතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඇමෙරිකා සමාගමකට විකිණීම ඇතුළු කරුණු කීපයකට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසක් අද කොළඹදී විරෝධතාක නිරත වූහ.

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසක් කොළඹ කොටුවේ පිහිටි ලංවීම මූලස්ථානය ඉදිරිපිටට රැස් වූ අතර එහි පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූහ.

ලංවීම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයට අයත් වෘත්තීය සමිති නියෝජනයකරමින්  සේවකයන් විශාල පිරිසක් එම විරෝධතාවයට එක්ව සිටියහ.

(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)