
(සුමිත් පොතුපිටිය සහ දයා හේමන්ත සිල්වා )
විදුලි විසන්ධි කිරීමට ගිය විදුලි සේවකයින් දෙදෙනෙකු ගේට්ටුව වසා හිරකර බල්ලන් ලිහා දමන බවට බියවද්දා විදුලි සැපයුම ලබාගැනීමට උත්සාහ කළ හමුදා මේජර් වරයෙකුගේ බිරිඳ ක් සහ මේජර් වරයාගේ මිතුරෙකු මොරොන්තුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරොන්තුඩුව නාන්දූව ප්‍රදේශයේ පදිංචි අයවලුන් බව පොලිසිය කීය.
හමුදා මේජර් වරයා, බිරිඳ සහ ඇයගේ මව පදිංචි නිවස පිහිටි ඉඩමෙහිම බිරිඳ ගේ අක්කා කෙනෙකුගේ නිවසද පිහිටා ඇති අතර, අක්කා ජපානයේ පදිංචිව සිටින බව සදහන් වේ.
විදුලි සේවකයින් සිව්දෙනෙකු ජපානයේ පදිංචි බව කියන කාන්තාවගේ නිවසේ විදුලිය විසන්ධි කිරීමට පැමිණ ඇති අතර, ඇයගේ මව ගේට්ටුව විවෘත කල පසු විදුලි සේවකයින් දෙදෙනෙකු ඇතුළුව ඇති බවත්, අනෙක් දෙදෙනා ඔවුන් පැමිණි වෑන් රථයේම සිට ඇති බවත් පැවසේ.
ගේට්ටුව විවෘත කල මව මේජර් වරයාගේ බිරිඳට විදුලිය විසන්ධි කිරීම දැනුම් දී පැමිණෙන අතරවාරයේ විදුලි සේවකයින් යාබද පිහිටි සිය අක්කා ගේ නිවසෙහි විදුලිය විසන්ධි කර තිබී ඇති බවද පොලිසිය කීය.
එහිදී ඇය ජපානයේ සිටින අක්කාට දුරකථන ඇමතුමක් ලබාගෙන විමසීමේදී ඇය ඔන් ලයින් තාක්ෂණය ඔස්සේ විදුලි බිල්පත ගෙවූ ලදුපත වට්සැප් මගින් නැගණියගේ ජංගම දුරකථනයට යොමුකර ඇති බවත් සදහන් වේ.පසුව ඇය එය විදුලි සේවකයින්ට එය පෙන්වීමට උත්සාහ කලත් ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබූ බවද පොලිසිය කීය.
එහිදී උරණවූ මේජර් වරයාගේ බිරිඳ ගේට්ටුව වසා ඉබි යතුරු දමා, නිවසේ ඇති කරන සැර බල්ලා ලිහා දමන බවට තර්ජනය කොට විසන්ධි කර තිබූ විදුලි සැපයුම යලිත් ලබාදෙන ලෙස ඉල්ලා සිට ඇති බව පොලිසිය කීය.

